ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Cooking > Recipes and Showcase
Reload this Page කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23
Reply
 
Thread Tools
(#1)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,849
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23 - 11-25-2013, 07:04 PM

ශ්‍රී ලාංකික ක්‍රමයට සැකසූ කකුළු මසාල (Spicy Crab Masala-Sri Lankan Style)


අවවාදය - කකුළුවන්, ඉස්සන්, දැල්ලන්, බෙල්ලන්, මුහුදු කැකැරියන් ආදී සාමුද්‍රික අපෘෂ්ඨවංශීන් අධික කොලෙස්ටරෝල් සහිත ආහාර වන බැවින් නිතර අනුභවය සදහා සුදුසු නොවන බව පළමුවෙන් ම දන්වනු කැමැත්තෙමි.


මෙවර එළකිරි සූප ශ්‍රාස්ත්‍ර පන්තියෙන් කියල දෙන්නට යන්නේ ලාංකික ක්‍රමයට, ටිකක් කට දැවිල්ලට සැසූ කකුළු මසාල එකක්. ඊට කළින් පොඩ්ඩක් කකුළුවා කියන හාදය ගැන දැන ගෙන ඉදිමු.


කකුළුවා කියන්නේ පිට සැකිල්ලක් සහිත සතෙක්. ජීව විද්‍යාවේ මේ වගේ හාදයන් හදුන්වන්නේ අපෘෂ්ඨවංශීන් කියල. ඒ කියන්නේ අභ්‍යන්තර සැකිල්ලක් නැති සතුන් කියන එක. ඇත්තට ම කකුළුවා කියන්නේ පෘෂ්ඨෝදරීයව පැතලි (ඒ කියන්නේ පිට සහ බඩ පැත්තෙන් පැතලි) ලොකු පොකිරිස්සෙක් කිව්වට වරදක් නෑ.




බලන්න ඔන්න ඔය ඉන්න හාදයට චප්ප වෙන්න දෙකක් ඇනලා, අර දිග ඇරල තියං ඉන්න වලිගෙ නවල බඩ යටට ගැහුව ම එන්නේ කකුළුවෙක් නෙවෙයි ද කියලා.


කකුළු වර්ග අති විශාල ගණනක් ඉන්නවා. උන් අතරින් මනුෂ්‍ය පරිභෝජනයට ගන්නා වර්ගත් රැසක් පවතිනවා, විශේෂයෙන් අග්නි දිග ආසියාතික කලාපයේ. වඩාම ජනප්‍රිය ආහාරයට ගන්නා කකුළු විශේෂ වන්නේ



කළපු කකුළුවන් (Lagoon Crabs) - මොවුන් බහුල කලපු වල. ගොම කොළ පාට, ග්‍රාහිකා අඩු මහත අය. පිට කටුව දෙපැත්තට දිග කණ්ඨක ඇත්තේ නෑ. මාංශයෙන් පිරී තිබෙන නිසා ජනප්‍රියයි. අනික ලංකාවේ කලපු කකුළුවන් කියන්නේ ලෝකෙම චිරප්‍රකට රසවත් කකුළුවන්. ඈ.......අනික මේ හාදයන් දියෙන් ගොඩ ගෙන තිබ්බට මැරෙන්නේ නෑ...ආතල් එකේ ඉන්නවා වතුර නටනකම් ම.....




මුහුදු කකුළුවන් (Sea Crabs)- මොවුන් ඉන්නේ අක්වෙරල ප්ලාවිතයෙන් මදක් එපිට මුහුදේ ඉන්න අය. නිල්-දම් පාටයි. කලපු බුවාලට සාපේක්ෂව කෙට්ටුයි. මස අඩුයි. පිට කටුව දෙපැත්තෙන් දිග කණ්ඨක දෙකක් පවතිනවා.ඒ එක්කම වතුරෙන් ගොඩ ඇන්න තිබ්බම ඔටෝමැටිකලි සෙත්තපෝච්චි වෙනවා.

මකුළු කකුළුවන් (Spider Crabs)- මේ හාදයන් ලංකාවෙ එච්චර ම ආහාරයට ගන්නේ නෑ පොඩ්ඩක් අඩු පඩු දිග නිසා පෙනුම පොඩ්ඩක් අවුල් වගේ නිසා ද කොහෙද. මොවුන් බහුලයි ලංකාවේ ගිනිකොණ දිග මුහුදේ.

සාමාන්‍යෙයන් ගැහැණු කකුළුවන් සහ පිරිමි කකුළුවන් වෙන් කරල අදුන ගන්න පුලුවන්. නෑ..නෑ...නැට්ට උස්සල බලල නෙවෙයි, නැට්ට-එහෙමත් නැතිනම් අන්ත්‍යය- කියන බඩ යටට රෝල් කරල හංගගෙන ඉන්න කෙළවරින්.

මෙන්න මෙහෙම............


ඉතිං කකුළු මාසාලෙ...............


උවමනා ද්‍රව්‍ය.



සුද්ධ කරනා ලද කකුළුවන් (ඉතිං අඩන්නෙ නැතුව ඉදපියව්. කකුළුවන් සුද්ධ කරන විදිය පහල දාල ඇති)

1. ස්වීට් සෝස් (තක්කාලි සහ අන්නාසි සෝස්)
2. වූස්ටර්ෂයර් සෝස්
3. හොට් පැප්රිකා සෝස් (අවශ්‍ය ම නැත, දැම්මොත් රහය!)
4. තල තෙල් සහ එළවළු තෙල් 1:1 මිශ්‍රණයක් (ඔය බෝතලේ එහෙම තියනව ඈ)
5. සෝයා සෝස්
6. ඔයිස්ටර් සෝස්
7. හතරැස් කැබලි ලෙස කැපූ ලොකුළූණූ ගෙඩි 2ක්
8. පෙති කැපූ තරමක සැල්දිරි කද කොටසක්
9. කත්තාලි පේස්ට්
10. සුද්ධ කළ ඉගුරු අගලක පමණ කැබැල්ලක්
11. සුද්ධ කල ලොකු සුදුළූණු බික් 7-8ක් පමණ
12. රම්පෙ අගල් 3ක පමණ කැබැල්ලක්
13. කරපිංච ඉති දෙකක්
14. ඔරිගානෝ වියළි කොල (අවශ්‍ය ම නැත)
15. කරබු නැටි 6ක් පමණ
16. එනසාල් කරල් 6ක් පමණ
17. ස්ටාර් අනීස් පොති 2ක් පමණ (අවශ්‍යම නැත, දැම්මොත් රසයි!)
18. තක්කාලි ගෙඩි 2-3 ක් පමණ (හතරැස් කැබලි කපා ගන්න)
19. සැල්දිරි කොළ කීපයක්
20. කොත්තමල්ලි කොළ කීපයක්
21. කුරුදු අගල් 2ක පමණ කැබැල්ලක්
22. අබ කුඩු තේ හැදි ½ ක්
23. බැදපු තුනපහ කුඩු මේස හැදි 2ක්
24. ගම්මිරිස් කුඩු මේස හැන්දක්
25. කහ කුඩු තේ හැන්දක්
26. මිරිස් කුඩු මේස හැදි 2ක්
27. ලුණු කුඩු රස පමණට



කකුළුවන් සුද්ධ කරන ආකාරය




අ - කකුළුවන් ගේ පූර්ව ග්‍රාහිකා, චර පාද යුගල 3 සහ ප්ලවපාද යුගල කදට සම්බන්ධ වන තැනින් (රතු ඊතල මගින් පෙන්වා ඇති) ගලවා බදුනකට දමන්න (ඒව කනව ඈ)
ආ - කදට යටින් නමා ගෙන ඇති අන්ත්‍යය දිහරින්න
ඇ - අන්ත්‍යය දමග කටුවේ පිටුපස ඇගිල්ලෙන් වැර දමා ඔසවන්න. මෙවිට අන්ත්‍යය සමග කටුව ද ගැලවී එයි.
ඈ - A සහ B ලෙස දක්වා ඇති මෞඛ උපාංගය සහ ජලක්ලොම (කරමල්) ගලවා ඉවත් කරන්න.




ඉ- කකුළුවා ගැලවූ පසු මෙසේ කොටස් දිස්වේ (ඔබේ පහසුව පිණිස පෙන්වීමකි)
ඊ- කකුළුවා ගේ ශරීරයේ මැද කොටසේ අන්ත්‍රය/ආහාර මාර්ගය ආදී කොටස් කහ/දුඹුරු පැහැයෙන් පෙනේ (ඊතල මගින් පෙන්වා ඇත). මේ වා වතුරෙන් සෝදා හැරීමෙන් ඉවත් කර ගන්න.
උ- කකුළුවා ගේ පූර්ව ග්‍රාහිකා අඩු පිහියක මොට පැත්තෙන් කැඩි නොයන පරිදි තරමක් තලා ගන්න. මේ ලුණු මිරිස් ආ දිය ඇතුලේ ඇති මාංශයට උරා ගැනීම පිණිසයි.
ඌ- ගලවා, පවිත්‍ර කර ගත් පිසීමට සුදුසු තත්ත්වයේ පවතින කකුළුවන් මෙසේ දිස්වනු ඇත.

සාදන ක්‍රමය -




A- ඉගුරු සහ සුදුළූණු මන්චරයකට ජලය ඉතා ස්වල්පයක් සමග දමා ගන්න.

B - ඉතා හොදින් පේස්ට් එකක් වන පරිදි ඉගුරු සහ සුදුළූණු මේ ලෙසට අඹරා ගන්න.

C - මදක් ගැඹුරු බදුනක් ලිප තබා එයට තලතෙල්/එළවළු තෙල් මිශ්‍රණය මේස හැදි 2ක් පමණ එක් කරන්න.තෙල් රත් වූ විට එයට කැබලි වලට කපා ගත් එනසාල්, කරබු නැටි සහ කුරුදු දමා බැදෙන්නට හරින්න.

D - ඉහත ඒවා බැදී සුවද එන විට රම්පෙ සහ කරපිංචා එක්කරන්න.




E - රම්පෙ සහ කරපිංචා බැදෙන සුවද එන විට මෙයට ලුණු කුඩු, කැපූ ලොකු ළූණු සහ පෙති කැපූ සැලිදිරි එක් කරන්න. බදුන වසා තැම්බෙන්නට හරින්න.

F - මෙය තරමක් බැදී ගෙන එන විට එයට කලින් අඹරා ගත් ඉගුරු-සුදුළූණු පේස්ට් එක එක් කර හැදි ගාගන්න.

G - එය බැදෙන විට මිරිස් කුඩු, කහ කුඩු, බැදලු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, අබ කුඩු සහ ඔරිගානෝ කොළ එක් කරන්න

H - මෙය හැදි ගාමින් බැදෙන්නට හරින්න. දුරු සුවද එන පමණට බැදුනු විට ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, වූස්ටර්ෂයර් සෝස් සහ පැප්රිකා සෝස් එක් කරන්න.



I - මෙය තරමක් වේලා වසා තැම්බෙන්නට හරින්න. තැම්බුණු පසුව මෙයට කැපූ තක්කාලි එක්කර තැම්බෙන්නට හරින්න.

J - තක්කාලි තැම්බී ගිය පසු ස්වීට් සෝස් සහ තක්කාලි පේස්ට් එක්කර ගන්න. මෙය හොදින් හැදි ගාගන්න.

K - දැන් මෙයට කලින් සකස් කරගත් කකුළුවන් එක් කරන්න. බදුන වසා විනාඩි 20ක් පමණ තැම්බෙන්නට තබන්න. අතරින් පතර කකුළු කැබලි ඒමේ අත පෙරළීමට හැදි ගාන්න.

L - කකුළුවන් හොදින් තැම්බුණු විට රතු/තැඹිළි පැහැයක් ගනී. (කකුළු කට්ට තම්බා ඇත්තේ සැරසිළි පිණිසය)



කකුලුවා මෙලෙස පිළිගන්වන්න. උඩින් සිහින් ව ලියා ගත් සැලිදිරි සහ කොත්තමල්ලි කොල ඉස කෑමට ගන්න.



මේ කලින් දවසක හදපු මූදු කකුළුවො මසාල එකක්...........

දැං ඉතිං කාපියව්............!!!!!!

ඔබ මෙය හදා මෙම හුයට ඡායාරූපයක් පල කිරිම ලබා දෙන උපරිම රෙප් එක බව සිතමි.

Last edited by dath kimbula; 11-25-2013 at 07:13 PM.
Reply With Quote
(#2)
Old
mal pappa's Avatar
mal pappa mal pappa is offline
Senior Member
mal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to all
 
Posts: 27,032
Join Date: Sep 2011
Location: Sri Lanka
Send a message via Skype™ to mal pappa
11-25-2013, 07:06 PM

අම්මෝ ෆට්ටයි අය්යේ කටට කෙලත් උරනවා
Reply With Quote
(#3)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 31,607
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
11-25-2013, 07:07 PM

නොදකින් යන්තම් සොන්නයා ත්‍රෙඩ් එකක් දාලා.. ඒ උනාට කකුළුවෝ...
Reply With Quote
(#4)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,849
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-25-2013, 07:09 PM

Quote:
Originally Posted by Ridila™ View Post
නොදකින් යන්තම් සොන්නයා ත්‍රෙඩ් එකක් දාලා.. ඒ උනාට කකුළුවෝ...
රිදිලා™
ඇයි කකුළුවන් එක්ක උඹේ මොකක් හරි අවුලක් තියනව ද?
Reply With Quote
(#5)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud of
 
Posts: 41,543
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
11-25-2013, 07:10 PM

ඕවා කන්නේ නෑ බන්.....

බම්පි‍යක් දෙන්නම්.......
Reply With Quote
(#6)
Old
M E T H's Avatar
M E T H M E T H is offline
Senior Member
M E T H will become famous soon enough
 
Posts: 646
Join Date: Oct 2013
11-25-2013, 07:11 PM

අපිනම් ඉතින් වෙජිටේරියන්ලුනේ.. අවුලක් නෑ බොහොම හොඳ ත්‍රෙඩ් එකක් සෑහෙන්න මහන්සිවෙලා දාපු..
Reply With Quote
(#7)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 18,346
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
11-25-2013, 07:11 PM

මේකත් පට්ටයි..+5


Reply With Quote
(#8)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 101,079
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
11-25-2013, 07:13 PM

මේක කෑමට සහභාගී ඌ එකෙක් වශයෙන්, කියන්න තියෙන්නේ....මේක නම් සුපිරි.... තව පොඩ්ඩෙන් දාලා දුන්න බාස්කට් එකත් කනවා......
Reply With Quote
(#9)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 31,607
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
11-25-2013, 07:14 PM

Quote:
Originally Posted by dath kimbula View Post
රිදිලා™
ඇයි කකුළුවන් එක්ක උඹේ මොකක් හරි අවුලක් තියනව ද?
නෑ බොල ඕකුන් පට්ට සැරයි නේද.? මම අහලා තියනවා අනික මස් දිය කරන කතාවක්..
Reply With Quote
(#10)
Old
Sammy2011's Avatar
Sammy2011 Sammy2011 is offline
Member
Sammy2011 is on a distinguished road
 
Posts: 83
Join Date: Jun 2013
11-25-2013, 07:16 PM

Good Work But I am a vegitarian.'
Reply With Quote
Reply

Bookmarks

Tags
!!තරින්ද කකුළුවා, අපට නෑ :(, අපිට හුලං, කක්කුටු කිඹුලා, කකුළු, කකුළු කිඹුලා, කකුළුවා, කන්න බෑ වගේ :(, කිඹුලා වැඩකරු, කුකුලෝහ් නැද්ද?, කෙග් කකුළුවා, කෙල ඉනුවා, කෙළ හැලේ, බඩ ම පල, බඩගිනි යකෝ, මගේ මගේ, 111, 2222, 86938, 9398, hungry, mekath mage, meke mage, oba කකුළුවා, sayu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06356 seconds with 10 queries